සුවස් ඇළේ සිරවූ නෞකාව මුදාගැනෙයි, දින කිහිපයකින් ගමනාගමනය යථා තත්ත්වයට..
ලොව මහත් ආන්දෝලනයකට පත්ව තිබූ සුවස් ඇළ තුළ සිරවූ කන්ටේනර් සහිත නෞකාව මේ වනවිට මුදවාගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. සුවස් ඇළ තුළ මීට සතියකට පමණ පෙර සිරවූ කන්ටේනර් සහිත අදාළ නෞකාව හේතුවෙන් සූවස් ඇළ මඟින් ප්‍රවාහනය කරනු ලබන නෞකා විශාල ප්‍රමාණයක් දැඩි තදබදයකට ලක්විය. කෙසේ වෙතත් අදාළ නෞකාව මුදාගැනීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළ සුවස් ඇළෙහි රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වනු ඇති බවද විදෙස් ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.