මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වූ දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අත්අඩංගුවට පත්වෙයි..
මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වන ලද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (07) ඔලුවිල් ප්‍රදේශයේ දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පවත්වා ඇති බවට ලද තොරතුරකට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් දෙදෙනා 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ.