සත්‍යයේ පුවත් අඩහැරය….

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල්” ව්‍යාපාර කටයුතු මහ බැංකුවෙන් අත්හිටුවයි..

Podu Jana Peramuna2021 අප්‍රේල්ම 12 වන දා පස්වරු 05.00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටියි. අදාළ ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ එම තත්ත්වය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ. 2020 වසරේ ජුලි මස 13 වන දින සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. සහ එහි මව් සමාගම වන, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට මහ බැංකුව තීරණය කළ අතර එම අත්හිටුවීමේ තීරණය 2021 ජනවාරි 12 වන දින දක්වා බල පැවැත්වුනු අතර එම කාල සීමාව නිමාවන විටත් ආයතනය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා සුදුසු යෝජනාවලියක් ඉදිරිපත් නොවීම මත ඉහත පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට