සත්‍යයේ පුවත් අඩහැරය….

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය ප්‍රායෝගික නෑ, ඉන් රට තුළ ගැටළු රැසක් උද්ගත වේවි – සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Podu Jana Peramunaරසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන තිබෙන ප්‍රායෝගික නොවන තීරණය තුළින් නුදුරේදීම රට දැවැන්ත සාගතයකට මුහුණදීම වැළැක්විය නොහැකි වනු ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මෙම අදහස් පළකර සිටියේය.

මෙහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ආණ්ඩුව ගෙන තිබෙන තීරණය නිසා මේ වනවිට රට තුළ පොහොර හිඟයක් ඇතිව තිබෙනවා. මෙම තීරණය කිසිසේත්ම ප්‍රායෝගික නෑ. මෙම තීරණය ක්‍රියාත්මක කළහැකිදැයි මෙන්ම එය ක්‍රියාත්මක කළහොත් මෙරට ගොවියාගේ අනාගත ඉරණම කෙබඳුවේදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුව තිබෙනවා.

රසායනික පොහොර ආනයනයට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා ආණ්ඩුව මෙවැනි තීරණයක් ගන්නා ලද්දේදැයි යන සැකයද මතුව තිබෙනවා. මෙරට ගොවියා ක්‍රමයෙන් දුප්පත් වෙමින් සිටිනවා. 100% ක්ම කාබනික පොහොර භාවිතා කරන කිසිදු රටක් ලොව තුළ නෑ. රසායනික පොහොර භාවිතය හේතුවෙන් වී අස්වැන්න ඉහළ ගොස් තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට හුරුවීම ක්‍රම ක්‍රමයෙන් තමයි සිදුකළයුත්තේ. එසේ නොකර එක්වරම එවැන්නක් කළහොත් ගැටළු රැසක් උද්ගතවන බව කෘෂි විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා. සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හමුවේ ඉහළ ගිය සහල් මිල, ඉහත තීරණය හේතුවෙන් තවදුරටත් ඉහළ ගොස් ඉදිරියේදී රට තුළ දැවැන්ත සාගතයක් ඇතිවී ජනතාව ඉන් දැඩි පීඩාවකට පත්වේවි.

කාබනික පොහොර භාවිතා කිරීමේ තීරණය ප්‍රායෝගික නොවන තීරණයක්. සුදුසු රසායනික පොහොර භාවිතා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කළයුතුයි. එසේ නොකර කාබනික පොහොර පමණක් භාවිතා කළහොත් විදෙස් රටවලින් සහල් ගෙන්වීමට සිදුවනවා. එසේ ගෙන්වන සහල් නිපදවන්නේත් රසායනික පොහොර භාවිතයෙන්.

මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කරන්නේ යළි චීනයෙන් මෙරටට සහල් ගෙන්වීමටදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුව තිබෙනවා. රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය හරහා කුරුඳු, තේ සහ උක් යන නිෂ්පාදනයන්ගේද අස්වැනු පහළ යනවා. පොහොර සහ වල් නාශක මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් අප තුළ විරෝධයක් නෑ. නමුත් එම ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදුවිය යුතු බවයි අපගේ මතය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය යළි කියවා බලන්නැයි පොහොර නොමිලේ ලබාදෙන බව පවසමින් බලයට පැමිණ එම පොරොන්දුව කඩකළ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට