සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ ජනතාව දිනෙන් දිනම පීඩාවට පත්වෙමින් සිටිනවා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

Podu Jana Peramunaසාමාන්‍ය ගංවතුර තත්ත්වයක් පවා නිසිලෙස කළමණාකරනය කරගත නොහැකිව සිටින වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ කෝවිඩ් මර්දන එන්නත්කරණයද අසාර්ථක වෙමින් පවතින බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකර සිටි අතර ඒ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත පළකරන ලදී.

මේ වනවිට රට තුළ ආපදා තත්ත්වයන් රැසක් උද්ගතව තිබෙනවා. කොරෝනා වසංගතය මෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවන් රැසක් මතුවෙලා. රට පුරා සාමාන්‍ය ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුනත් ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

කොළඹ වරාය ආසන්න මුහුදේදී නෞකාවක් ගිනිගෙන ගිලීයාම නිසා මෙරට ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට මෙන්ම මෙරට ආදායමටද අහිතකර ලෙස බලපා තිබෙනවා. වසංගත තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවන් කෙරෙහි වත්මන් ආණ්ඩුව නිසි අවධානයක් යොමු කළේ නෑ. කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මූලික කරගත් රාජ්‍ය යාන්ත්‍රණය සඳහා වසරක වැඩකිරීමේ කාලයකින් පසුව හෝ රුපියල් 25000 ක දීමනාවක් ලබාදෙන ලෙස අප යෝජනා කළා. මීට පෙරත් රට තුළ උද්ගතවූ යම් යම් තත්ත්වයන් වලදී විශේෂ චක්‍රලේඛ මඟින් එවැනි ගෙවීම් සිදුකර තිබෙනවා.

වසංගතය හේතුවෙන් මිය යන පුද්ගලයෙකුට ලක්ෂ 25 ක මුදලක් ලබාදෙන ලෙසද අප ඉල්ලීමක් කළා. වසංගතය මර්දනය කිරීම සඳහා දින 14 ක කාලයක් රට ලොක්ඩවුන් කළයුතු බව විශේෂඥයින්ගේ මතය වුවත් ආණ්ඩුව කළේ සංචරණ සීමා පැනවීම පමණයි. එමඟින් ජනතාවගේ ජීවිත ආරක්ෂාම කිරීමට හැකිවනු ඇතැයි අප සිතන්නේ නෑ. ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් සහ පුද්ගලික අංශයේ සේවක වැටුප් කල් ඇතිව නිසි ක්‍රමවේදයක් යටතේ ගෙවා අවශ්‍ය ආධාර ලබාදීමද සිදුකර දින 14 ක කාලයක් රට ලොක්ඩුවන් කළ හැකිව තිබුනා. වාර්තා වන කොරෝනා මරණ මෙන්ම ආසාදිතයින් සංඛ්‍යාවද දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. සමස්ත රටම ඛේදවාචකයක් කරා ගමන් කරමින් තිබෙන බවක් පෙනීයනවා.

එන්නත්කරණය නිසිලෙස සිදුවන්නේ නෑ. ගෙන්වන එන්නත් ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන විට එන්නත් සඳහා රණ්ඩුවක් ඇතිවීම සාමාන්‍යයි. නිසිලෙස එන්නත් ඇණවුම් කළේ නම් මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නෑ. ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

පසුගිය ආණ්ඩු සමයේදී රට තුළ උද්ගතවූ දැවැන්ත ගංවතුර උවදුර නිසිලෙස හසුරුවීමට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කළා. විදෙස් රටවලින් යළි නොගෙවිය යුතු ලෙස මුදල් ආධාර ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදුන්නා. ඒ අනුව ගංවතුරෙන් පීඩාවට පත් සියළු අංශයන්ට අවශ්‍ය සහන සැලසීමට එම ආණ්ඩුවට හැකිවුනා. එම ආණ්ඩු සමයේදීම ඇතිවූ නියඟ තත්ත්වයන් වලදී පවා පීඩාවට පත් සියළු අංශයන්ට අවශ්‍ය සහන ලබාදුන්නා. නිසි ක්‍රමවේදයක් හෝ පෙර සූදානමක් නොමැති බැවින් ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වයෙන් වුවද මේ වනවිට ජනතාවට දැවැන්ත පීඩනයක් එල්ලවී තිබෙනවා. එන්නත්කරණයෙන් ඉතා සාර්ථක මට්ටමක සිටි ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල නිසිලෙස සිදුනොවන්නේ මන්දැයි යන්න ගැටළුවක්. ඒ අනුව මෙම තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට වහාම කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සියළුදෙනාගේම අදහස් අනුව පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ වැනි පරිණත දේශපාලන නායකත්වයක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට