සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රායෝගිකව සිතා තීන්දු තීරණ ගන්නා ලෙසත් තේ කර්මාන්තය විනාශ නොකරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ

Podu Jana Peramunaරසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර භාවිතා කීරීමට ගෙන තිබෙන තීරණය තුළින් තේ නිෂ්පාදනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පහළ ගොස් මෙරට තේ වලට පවතින ඉල්ලුමද පහළ යාමේ අවදානමක් මතුවිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී පහත පරිදි වැඩිදුරටත් අදහස් පළවිය.

කාබනික පොහොර තුළ ක්‍ෂුද්‍ර ජීවින්, විවිධ බැක්ටීරියා වර්ග මෙන්ම කෘමි සතුන්ද පවතිනවා. ඒවා ඉවත් කිරීමට භාවිත කළයුත්තේද රසායනික ද්‍රව්‍යයමයි. වගාවන් වලදී රසායනික පොහොර වලට වඩා විශාල ලෙස වැඩි ප්‍රමාණයක කාබනික පොහොර භාවිතා කිරීමට සිදුවනවා. ඒ අනුව ප්‍රවාහන, ගබඩා මෙන්ම ප්‍රවාහන වියදම් ආදිය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටළු රැසක් පැනනඟිනවා.

පවතින වසංගත තත්ත්වය හමුවේ වුවත් මෙරටට විශාල ආදායමක් ලබාදෙන ඇඟළුම් සහ තේ කර්මාන්තයේ නියැලී සිටින පිරිස් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ආණ්ඩුව සතුව නිසි වැඩපිළිවෙලක් නෑ. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මෙරට සමස්ත ජනතාව නුදුරේදීම ගැටළු රැසකට මුහුණදීමට සිදුවේවි.

ප්‍රායෝගිකව සිතා තීන්දු තීරණ ගන්නා ලෙසත් තේ කර්මාන්තය විනාශ නොකරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙරටට අවශ්‍ය කාබනික පොහොර ගෙන්වීමේදී ඒවා සමඟ බරපතල, අහිතකර බැක්ටීරියාවන් රට තුළට ඇතුළු වුවහෙත් කළහැකි කිසිවක් නෑ. මේ පිළිබඳවත් ආණ්ඩුව සිය අවධානය යොමුකළ යුතුයි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට යැපීම සඳහා විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් තිබෙනවා. වසංගතය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා යැයි පවසමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු යුක්රේන සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගත්තා. රට තුළ සංචරණ සීමා පවා පනවා තිබියදී විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුළු ස්ථාන විවෘත කර තිබෙන අතර එම කාර්යයන් සඳහා සම්බන්ධ වන මෙරට රියදුරන්ගේ මෙන්ම රටේ ජනතාවගේ වගකීම භාරගන්නේදැයි ආණ්ඩුවෙන් විමසනවා.

ඒකාධිපතියෙකු ලෙස සිතා නොව ජනතාව පිළිබඳ සිතා කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට