සත්‍යයේ පුවත් අඩහැරය….

රාජපක්ෂවරුන් පරාජය කිරීමට සියළු බලවේග එක්විය යුතු බව තම පුද්ගලික මතයයි – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක

Podu Jana Peramunaනිසි උපදෙස් නොගෙන, හදිසියේම රසායනික පොහොර භාවිතය අත්හිටුවා කාබනික පොහොර භාවිතයට ගැනීමට ආණ්ඩුව විසින් ගෙන තිබෙන තීරණය තුළින් ඉදිරියේදී ගැටළු රැසක් ඇතිවනු ඇතියිට හැකි බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල නවීන් දිසානායක මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු දක්වන ලදී.

මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයන් වන තේ, පොල් සහ රබර් වගාවන් සඳහා හෝ අවශ්‍ය ලෙස රසායනික පොහොර භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙන්ම පොහොර භාවිතයේ වෙනසක් සිදුකරන්නේ නම් එම කර්මාන්ත සඳහා ඒ සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පසුගිය ආණ්ඩු සමයේදී වල් නාශක තහනම් කිරීමේ තීරණයට එරෙහිව, එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් සටන් කළා.

වානිජ්‍යමය කෘෂි කර්මාන්තය සඳහා පැවති ආකාරයටම පොහොර භාවිතයට අවස්ථාව ලබාදිය යුතු බව සිය මතයයි. රටට අවශ්‍ය තරම් කාබනික පොහොර ගෙන්විය හැකියැයි පැවසුවත් ඉන් ඵලදායී අස්වැන්නක් ලබාගත හැකිදැයි යන ගැටළුව මතුවනවාත ඒ අනුව කෘෂි විශේෂඥයින්ගේ අදහස් විමසා මෙම තීරණ ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා පහළ මිලක් යටතේ පොහොර ලබාදීම තුළින් අතිරික්ත පොහොර විශාල ප්‍රමාණයක් එක්වීම නිසා මෙරට භූමියට විශාල හානියක් සිදුවුනා. රටට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය චීනයෙන් ගෙන්වන බව පැවසෙන අතර මිත්‍රශීලි රටක් වුවත් චීනය තුළ විශාල කසළ ප්‍රමාණයක් පවතින බැවින් එසේ ගෙන්වන කාබනික පොහොර ප්‍රමිතියෙන් යුතුව තිබේදැයි යන ගැටළුව මතුවනවා. වටිනාකමින් අඩු කාබනික පොහොර මෙරටට ගෙන්වීමෙන් මීටත් වඩා වැඩි හානියක් රටට සිදුවිය හැකියි. ඒ අනුව ජනාධිපතිවරයාට සත්‍ය තතු හෙළිකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පරිපාලකයින් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බව වාර්තා වනවා. ක්‍රීඩකයින්ගේ මානසිකත්වය යහපත් තත්ත්වයක පැවතිය යුතුයි. ක්‍රිකට් පාලක මණ්ඩලය වෘත්තීය මට්ටමෙන් හැසිරිය යුතුයි. ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් අතර වෙනසක් පවතිනවා. අද වනවිට සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් බව අවබෝධ කරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළයුතුයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදුව තිබෙන හානිය මිල කළ නොහැකියි. මෙම සිදුවීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් ප්‍රතික්‍ෂේප කළ අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණයේ කෙසේදැයි යන දැවැන්ත ගැටළුව මතුවනවා. නෞකාව ගිනිගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පාරිසරික විගණනයක් සිදුකළ යුතුයි.

උදයංග වීරතුංග මහතා ප්‍රංශ ජාතිකයින් පිරිසක් යාල වනෝද්‍යානය වෙත ගෙනයාමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා. එක් පුද්ගලයෙකුට පමණක් මෙවැනි වරප්‍රසාද හිමිවන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා.

එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට සුදුසුම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සම්බන්ධයෙන් පක්ෂ‍ය තුළ කිසිදු ගැටළුවක් උද්ගතවී නැහැ. සමගි ජන බලවේගය සමඟ අප නිල නොවන මට්ටමේ සාකච්ඡා සිදුකරමින් සිටිනවා.

රාජපක්ෂවරුන් පරාජය කිරීම සඳහා සියළු බලවේග එක්විය යුතු බව තම පුද්ගලික මතයයි. ගැටළුව ඇත්තේ අප අතර නොවෙයි, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතරයි. ඒ නිසා නිසි සාකච්ඡාවන් සිදුකර එකඟතාවයන්ට එළඹීම සුදුසු බව ඔවුන්ට අවධාරණය කරනවා. මේ වනවිට රටට අවශ්‍ය වන්නේ ශක්තිමත් විපක්ෂයක්. ඒ අනුව රට වෙනුවෙන් කළයුතු ඕනෑම කැපවීමක් කිරීමට තමන් සූදානම් බව අවධාරණය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජුනි මාසය තුළ පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා වැඩි අවස්ථාවක් පවතිනවා.

කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින දේශීය කර්මාන්තකරුවන්ට සහ කුඩා ව්‍යාපාරිකයින්ට “උද්යෝජන පැකේජයක්” ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් මෙතෙක් එවැන්නක් සිදුව නැහැ.

විදෙස් සබඳතා නිසි ලෙස පවත්වාගෙන යුතු නමුත් විදේශ කටයුතු අමත්‍යංශය නින්දේ පසුවන බව පැවසිය හැකියි. තමන් ලද අමාත්‍යධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා අකමැති බව පැවසිය හැකියි. විදේශ අමාත්‍යධූරය තමන්ට හිමිවනු ඇතැයි ඒ මහතා කිසිදු ලෙසකින් බලාපොරොත්තු නොවූ බව පැවසිය හැකියි.

විවිධ සටන් පාඨ භාවිතා කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටේ සියළු අංශ මේ වනවිට කඩාවැටී අවසන්. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් විවෘත කතිකාවතක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව අවධාරණය කරනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට