ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 ක් දැලේ..
අද (09) උදෑසන දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා ගතව තිබෙන කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 26,920 ක් අත්අඩංගුවට ගෙන ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.