මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද ජනතා අයිතියට..
වැඩ නිමකරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද (15) විවෘත කිරීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ග කොටස විවෘත කිරීමට නියමිතය. මෙම අධිවේගී මාර්ගයේ දෙවන අදියරට අයත් මීරිගම සිට කුරුණැගල දක්වා වන මෙම මාර්ග කොටස කිලෝමීටර් 40.91 ක දුරින් යුක්තය. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05 ක් ඉදිකර තිබේ.