කළු ගඟේ දියනෑමට ගිය දෙදෙනෙකු මියගොස් එක්අයෙකු අතුරුදන්..
සිරිපාගම, ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේදී ඊයේ (15) සවස කළු ගඟේ දිය නෑම සඳහා ගොස් සිටියදී දෙදෙනෙකු මිය ගොස් එක් අයෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. දියනාමින් සිටි සිව්දෙනෙකුගෙන් යුතු පිරිස ජල පහරකට හසුව ගසාගෙන යාම නිසා මෙම ඛේදවාචකය සිදුව ඇත. කෙසේ වෙතත් මින් එක් අයෙකු දිවිබේරාගෙන ඇත. දස හැවිරිදි අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකු අතුරුදන්ව ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි 22 සහ 40 යන වයස් සීමාවේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිව සිටි දෙදෙනෙකු මියගොස් ඇත.