ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (16) දිනය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම අද සවස 2.00 න් පමණ පසු සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.