සත්‍යයේ පුවත් අඩහැරය….

ස.ජ.බ.යේ විරෝධතාවයට පහරදීමට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ..

Thissa සමගි ජන බලවේගය විසින් පසුගිය මස (30) දින කොළඹදී පවත්වන ලද විරෝධතාවය සඳහා රජය විසින් පොලිසිය යොදවා මර්දනය කිරීමට එරෙහිව එම පක්ෂයේ හිටපු. පා.ම. මුජිබර් රහුමාන් සහ සමගි දුෂණ විරෝධි බලවේගයේ සමකැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක යන මහත්වරුන් අද (22) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර ඇත.පැමිණිල්ල ගොනු කිරීමෙන් පසුව හිටපු පා.ම. මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ජනතාව මත පටවා ඇති බදු බර සහ පීඩනයට එරෙහිව ස.ජ.බ.ය විසින් 2024.01.30 දින විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළද, රජය විසින් වාරණ නියෝගයන් ලබාගෙන අවසානයේදී විරෝධතාවය සඳහා පහරදීමට කටයුතු කළ බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට සඳහන් කර ඇත. එම නිසා අදාළ සිද්ධිය සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකර පීඩාවට පත්වු පිරිස සඳහා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවද හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට