සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය ගැන ස්ථිර විසදුමක් දෙන තෙක් පළාත් පාලන අමාත්‍යංශය සහ මැතිවරණ කොමිසම වටලනවා – පළාත් පාලන නියෝජිත සංසදය

 /><span style=යහපාලන අාණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලයක් ගතවුවද පළාත් පාලන මැතිවරණය පවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බව පළාත් පාලන නියෝජිත සංසදය චෝදනා කර සිටියි. අද (06) බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ පළාත් පාලන නියෝජිත සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අතුකෝරළ මහතා අවධාරණය කරන ලද්දේ සීමා නිර්ණ කමිටු වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත මේ වන විට භාරදීමට කටයුතු කළද අදාළ වාර්තාව තුළ අඩුපාඩු අැති බවට සහ වෙනත් හේතූන් දක්වමින් මැතිවරණය කල් දැමීම සදහා අධිකරණය තුළින් උපකාර ලබා ගැනීමට වත්මන් අාණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මෙම තත්ත්වය තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය වන බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ‍මේ සම්බන්ධයෙන් වගකිවයුතු බවත් උදේනි අතුකෝරළ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින ලදී. පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉදිරියේදී පළාත් පාලන අමාත්‍යංශය සහ මැතිවරණ කාර්යාලය වැටලීමට කටයුතු කරන බවත් නිසි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබා දෙන තෙක් එම අායතනයන්හි දිවා රෑ නොබලා රැදී සිටින බවත් අතුකොරළ මහතා සිය අදහස් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටින ලදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අැතුළු පවුලේ සාමාජිකයින් හට විවිධ අන්දමේ චෝදනා එල්ල කරමින් සිටින, වසර 11 ක් බලයේ රැදී සිටි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, රටට වෙනුවෙන් සිදු කළ කිසිදු සංවර්ධනයක් නොමැති බවත් වික්ටර් අයිවන් මහතාගේ “චෞර රැජින” ග්‍රන්ථය තුළින් අැය පිළිබද සත්‍ය තොරතුරු දැනගත හැකිවන බවත් උදේනි අතුකෝරළ මහතා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පළාත් පාලන නියෝජිත සංසදයේ කැදවුම්කරු අරුණ ප්‍රියශාන්ත, මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රියන්ත පුෂ්පකුමාර සහ බියගම ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති අානන්ද ගනේපොළ යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට