සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තරේ පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයින් රැසක් දැඩි පීඩාවකට පත්වූවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ජල ප්‍රහාර එල්ල නොකර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ජන ශූන්‍ය ප්‍රදේශයකදී සිදු නොකර පොලිසිය විසින් ඊයේ (17) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා පාගමන විසුරුවා හැරීම නිසා සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියක මේ බව සදහන්ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා පාගමන කොළඹ පුරහල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් කිරීම නිසා විහාර මහා දේවී උද්‍යානයේ රැදී සිටි කුඩා දරුවන්, මාර්ගයේ ගමන් කරන ලද පුද්ගලයින් අැතුළු විශාල සිවිල් වැසියන් ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්වූ බවත් මෙම තත්ත්වය, කුරිරු එල්.ටී.ටී.ඊ සංවිධානය සිහි ගන්වන බවත් මෙම ලිපියෙහි තවදුරටත් සදහන්ය. මෙසේ ජනතාව පීඩාවට පත්කරමින් ජනාකීර්ණ ප්‍රදේශයකදී කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සදහා අණදෙන ලද්දේ කවුරුන් විසින්දැයි විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට