ඉල්ලීමට යහපත් ප්‍රතිචාර, දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි..
හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය පවසා සිටියි. දුම්රිය රියදුරන් සහ සහායකයින් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම, තරග විභාග තාවකාලිකව නැවතීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම නිසා අදාළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමැටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය වැඩිදුරටත් පවසා සිටියි.