සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල්ට සහ අමාත්‍ය සාගලට මුස්ලිම් කණ්ඩායම් වලින් බලපෑම් එල්ල වෙමින් පවතිනවා – බොදු බල සේනා සංවිධානය

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සිය පාලන කාලය තුළ රටේ හිසි ඔසවමින් තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුවත්ව සිටි නමුත් තමන්ට ලැබුනු කුට්ටිය නිසා ඊට එරෙහිව කටයුතු නොකර සුරතල් කළ බව බොදු බල සේනා සංවිධානය චෝදනා කර සිටියි. අද (06) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අාචාර්ය දිලන්ත විතානගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ තම සංවිධානය අයි.එස්.අයි.එස් අන්තවාදයට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව අදහස් පළ කළේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට හා සාමාන්‍ය දමිළ ජනතාවට පහර දීමට නොවන බවයි.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ට මුස්ලිම් කණ්ඩායම් වලින් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවත් විවිධ දේශපාලන වුවමනාවන් ඉටු කරවා ගැනීමේ අරමුණක් ලෙස අදාළ බලපෑම් සිදුවන බවට තොරතුරු තමන් සතුව පවතින බවත් අාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සිංහලේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්දරතන හිමි, සුන්දර්රාසා ප්‍රභාහර් කුරුක්කල්තුමා, හින්දු සම්මේලනයේ සභාපති අරුණකාන්තන් සහ කාර්තිව් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙල්ලයියා රාසයියා යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට