පොලිස් නිලධාරීන් 300 ක් සිටින කොල්ලූපිටියේ මහල් නේවාසිකාගාරයක් කඩා වැටීමේ අවදානමක..
කොල්ලූපිටියේ 19 වන පටුමගේ පිහිටා අැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අවදානමකට ලක්ව අැති බව වාර්තා වේ. අදාළ ගොඩනැගිල්ල පොලිස් නිලධාරීන් රැදී සිටින නේවාසිකාගාරයක් වන අතර එම ගොඩනැගිල්ල දීර්ඝ කාලයක සිට දැඩි අබලන් තත්ත්වයක පවතින්නක් බවද අනාවරණය වී අැත. මෙම මහල් ගොඩනැගිල්ල තුළ පොලිස් නිලධාරීන් 300 ක පමණ පිරිසක් රැදී සිටින අතර අදාළ නිලධාරීන්ට මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී අැත.