ශ්‍රී ලංකා – පාකිස්ථාන තීරණාත්මක තරගය අද..
චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (12) ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව අැත. අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීම අරමුණු කර ගනිමින් දෙපිළම මෙම තරගය ජය ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර මෙරට වේලාවෙන් පස්වරු 3.00 ට තරගය අාරම්භ වනු අැත.