සත්‍යයේ පුවත් අඩහැරය….

දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වැසේ, ප්‍රවේශ පත්‍ර අලෙවිය මධ්‍යම සංස්‌කෘතික අරමුදලෙන්..

දඹුලු ලෙන්විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැබීමට තීරණය කර අැති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා උපදේශක මණ්‌ඩලය රැස්ව ඊයේ (10) පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී ඉහත තීරණය ගෙන ඇත. දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම් සහ පිළිමවහන්සේ විනාශ වී යෑමේ තර්ජනයකට ලක්ව අැති බැවින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී යම් යම් තීරණයන්ට එළඹ අැති අතර ඒ අනුව දඹුල්ල විහාරයේ බිතු සිතුවම් සංරක්‍ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ බිතු සිතුවම් සංරක්‍ෂණ නිලධාරීන් පූර්ණ වශයෙන් යෙදවීම, සියළු සංරක්‍ෂණ විශේෂඥයන් මෙම සංරක්‍ෂණ කටයුතු සඳහා දායක කර ගැනීම, විහාරයේ සාපේක්‍ෂ ආර්ද්‍රතාවය මැනීමට අාර්ද්‍රතාමාන සවි කිරීම, විහාරයේ දොරටු මගින් කුඹළුන් අැතුළු කෘමීන් ඇතුල් වීම වැළැක්‌වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ලෙන් තුළ සිටිය හැකි ආගන්තුකයින් සංඛ්‍යාව පාලනය කිරීමට ස්‌වයංක්‍රීය දොරටු සවි කිරීම, ක්‍රමවත් ආලෝක පද්ධතියක්‌ සවි කිරීම සහ ක්‍රමවත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක්‌ සවි කිරීම යන තීරණයන් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. මීට අමතරව දඹුලු ලෙන් විහාරය නැරඹීම සදහා පැමිණෙන විදෙස්‌ සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් සිදු කිරීමට ද තීරණය වී තිබේ. පුරාවස්‌තු ආඥා පනත, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පනත සහ විහාර දේවාලගම් ආඥ පනත යන පනත් වලට අනුව පැවරී තිබෙන බලතල අනුව මෙම කටයුත සිදු කිරීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට