සත්‍යයේ පුවත් අඩහැරය….

තමන්ට එල්ල වී අැති ජීවිත තර්ජන ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයාගෙන් පොලිස්පතිවරයාට සහ අාරක්ෂක අමාත්‍යවරයාට ඉල්ලීමක්..

සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු වන තමන් හට මේ වන විට එල්ල වී අැති ජීවිත තර්ජන සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා, පොලිස්පතිවරයාගෙන් සහ අාරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. රංජිත් විතානගේ මහතා ලිපියක් මගින් පොලිස්පතිවරයාගෙන් සහ අාරක්ෂක අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර අැති අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මෙන්ම තම ලිපි ලේඛන කටයුතු සිදු කරන පිළියන්දල ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් නිවසට ඊයේ (10) දින දහවල් කාලයේ අැතුළු වී අදාළ ලිපි ලේඛණ සියල්ල අැද දමා අැති බව ද අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය. සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු ලෙස මෙරට පාරිභෝගිකයන්ට සිදු වන විවිධ අසාධාරණකම්, නීතිවිරෝධී අාහාර නිෂ්පාදන මෙන්ම මත්පැන්, සූදූ පොළවල් සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන තමන් හට පෙර සිටම ජීවිත තර්ජන එල්ල කරමින් දුරකථන අැමතුම් රාශියක් ලැබූ නමුත් ඒවා සම්බන්ධයෙන් සැලකිලමත් නොවී සංවිධානයේ කටයුතු ඉදිරියට පවත්වාගන අා බවද විතානගේ මහතා මෙම ලිපිය මගින් තවදුරටත් අනාවරණය කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට