සත්‍යයේ පුවත් අඩහැරය….

NGO බත්බැලයන් උපයෝගී කර ගනිමින් ත්‍රෙෙනිකායික මහ නායක හිමිවරුන් අපහසුතාවයට පත්කිරීමට අාණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – බොදු බල සේනා සංවිධානය

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමබන්ධයෙන් මහනායක හිමිවරුන් සිය විරෝධතාවය පළ කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන බත්බැලයන් විසින් මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ හෑල්ලුවට ලක්කරමින්, නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට තරයේ ප්‍රකාශ කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (10) රජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි තවදුරටත් පවසා සිටියේ රටට අවශ්‍යම වන විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම නුසුදුසු වන අතර නව මැතිවරණ ක්‍රමයක් පමණක් හදුන්වාදීමට බලධාරීන් පියවර ගත යුතුව අැති බවයි. නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අනවශ්‍ය බව ත්‍රෙෙනිකායික මහ නායක හිමිවරුන් විසින් පවසා සිටීම නිසා රාජ්‍ය නොවන සංවිධාන බත්බැලයන් උපයෝගී කරගනිමින් උන්වහන්සේලා අපහසුතාවයට පත්කිරීමට වත්මන් අාණ්ඩුව කටයුතු කරමින් සිටින අතර අතීතයේ සිටම මෙරට භික්ෂූන් වහන්සේලා රට පාලනය කිරීමේදී ඊට මැදිහත්ව අැති බැවින් භික්ෂූන් වහන්සේලා රටේ පාලනයට මැදිහත් නෙවිය යුතු බව පවසා සිටීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

අද වන විට රට පාලනය කරන්නේ ඉදල, කොස්ස නොහදුනන පාලකයින් පිරිසක් විසින් බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි වැඩිදුරටත් පවසන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන අාර්. සම්බන්ධන් මහතා යම් විනයක් අනුව කටයුතු කළ ද සුළු පිරිසක් අන්තවාදීන් ලෙස හැසිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් වන අතර සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දිගින් දිගටම එල්ල වන විවිධ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ උන්වහන්සේ නිසි පිළිතුරු සපයනු අැති බවයි. රටට හෝ ජනතාවට කිසිදු යහපතක් සිදු නොවන ස්ථානයක් බවට පත්ව අැති වත්මන් පාර්ලිමේන්තුවේ සිටින පෙරේතයින්, කුම්භාණ්ඩයින් ඉන් එලවා දැමීමට බලි තොවිලයක් පැවැත්වීමට කාලය උදාවී අැති බව ද අාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය අදහස් පළ කරමින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට