සත්‍යයේ පුවත් අඩහැරය….

තම පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් වෙෙද්‍ය අඥා පනත උල්ලංඝණය කරන පළමු සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්වීමේ උත්සාහයක රාජිත සේනාරත්න මහතා නිරතව සිටිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට නායකත්වය ලබා දීම වෙනුවට සිය පුද්ගලික න්‍යාය පත්‍රය ඉදිරියට දමා වෙෙද්‍ය අඥා පනත උල්ලංඝණය කරමින් කටයුතු කරන ඉතිහාසයේ පළමු සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්වීමට රාජිත සේනාරත්න මහතා දැඩි උත්සාහයක නිරතව සිටින බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. අද (11) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළ කළ අතර වර්තමානය වන විට මුළු රටම මුහුණ දී සිටින ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සදහා නිසි විද්‍යාත්මක විසදුමක් ලබා නොදී පැලැස්තර විසදුම් ලබා දෙමින් රට දැවැන්ත ඛේදවාචකයක් කරා ගෙන යාමේ උත්සාහයක බලධාරීන් නිරතව සිටින බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සදහා තම සංගමය විසින් ලබා දෙන ලද යෝජනා වලින් බැහැරට ගිය හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් මේ වන විට බලධාරීන් විසින් දියත් කරමින් සිටින බවයි. ඒ අනුව රෝහල්ගත වන ඩෙංගු රෝගීන්ගේ තොරතුරු අදාළ සෞඛ්‍ය වෙෙද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට අැණහිට අැති අතර ඒ තුළින් ඩෙංගු වසංගතය වැළැක්වීම සදහා නිසි ක්‍රියාමාර්ග දියත් කිරීම සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව අැති බව ද වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරන ලද්දේ ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරනු ලබන රෝහල් වලට අමතර වෙෙද්‍යවරුන් අැතුළු කාර්ය මණ්ඩලයන් යෙදවීම මෙන්ම රුධිර පරීක්ෂණ කටයුතු සදහා පාලන මිලක් නියම කිරීමේ ක්‍රියාදාමයන් පුස්සක් වී අැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට