සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්ථාව ගැන අදහස් පළ කළ ත්‍රෙෙනිකායික හිමිවරුන්ට ප්‍රණාමය පුද කරනවා – ජාතික සංවිධාන එකමුතුව

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රට තුළ උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වය පිළිබදව ත්‍රෙෙනිකායික හිමිවරුන් සිය අදහස් පළ කිරීම, අගය කරන බවත් ඊට තම සංවිධානයේ ප්‍රණාමය පුද කරන බවත් ජාතික සංවිධාන එකමුතුව පවසා සිටියි. අද (11) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ සභාපති අචාර්ය ගුණදාස අමරසිංහ මහතා විසින් මෙම අදහස් පළ කරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා අවධාරණය කර සිටියේ බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටු කර ගත නොහැකි වන නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට බෙදුම්වාදීන් කටයුතු කළ බවයි. මෙරට ත්‍රෙෙනිකායික හිමිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන් විසින් එල්ල කරනු ලබන චෝදනා, රටට පමණක් නොව ජනාධිපතිවරයාටද අයහපත් ලෙස බලපානු ලබන බැවින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලීම සදහා ජනාධීපතිවරයා මැදිහත් විය යුතු බවද අචාර්ය ගුණදාස අමරසිංහ මහතා මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙණෙහි පරිවේණාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පවසා සිටියේ ඒකීය රටක් වන ශ්‍රී ලංකාව, සන්ධීය රටක් බවට පත්කිරීම අරමුණු කරගනිමින් සම්මත කර ගැනීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නොකළයුත්තක් බවයි. මෙම අවස්ථාව සදහා එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සිය අදහස් පළ කරමින්, සුදු වෑන් සංස්කෘතිය සහ ත්‍රස්තවාදය නොපවතින තත්ත්වයක් තුළ වුව ද අතුරුදහන් වූවන් පිළිබදව වන පනත ගෙන එ්ම සදහා වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අැති හදිස්සිය කුමක්දැයි විමසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන පූජ්‍ය ධර්ම විජය හිමි සහ වෙෙද්‍ය වසන්ත බණ්ඩාර මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට