සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව, පොරොන්දු වූ ප්‍රතිපත්ති පසෙකලා පසුගිය රජයටත් ඉහළින් වංචා, දූෂණ සිදු කරමින් සිටිනවා – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙක හමාරක කාලය දෙස බැලීමේදී, ආණ්ඩුව බලයට ගෙන ඒමට සිය ඡන්දය ලබා දුන් ජනතාව පමණක් නොව පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකමින් ඒ වෙනුවෙන් කැපවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවා ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයි මහජන සභාව අවධාරණය කර සිටියි. ඊයේ (25) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ මහජන සභාවේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා සිටියේ මේ වන විට රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීම සදහා පිහිටුවාගන්නා ලද “මහජන සභාව”, කිසිදු දේශපාලන, ආගම්, ජාති භේදයකින් තොරව සමස්ත ජනතාවම නියෝජනය කරන බවයි.

අද වන විට රටේ කිසිදු අංශයක් සදහා නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් තමන් බලයට පත්වන විට ජනතාව වෙත පොරොන්දු වූ ප්‍රතිපත්ති පසෙකලා පසුගිය රජයටත් වඩා ඉහළින් වංචා, දූෂණ සිදු කරමින් සිටින බව ද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මහජන සභාවේ ලේකම් ජනිත් විපුලගුණ, සාමාජිකයින් වන නාගානන්ද කොඩිතුවක්කු, නීතිඥ යසිත් හිඹුරේගම, සුනන්ද දේශප්‍රිය සහ මහාචාර්ය ජිනදාස කටුපොත යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට