සත්‍යයේ පුවත් අඩහැරය….

මාතර, වැලිගමට හෙට පැය 24 ක ජල කප්පාදුවක්..

මාතර, වැලිගම ආශ්‍රිත ප‍්‍රදේශ රැසකට හෙට (27) දින පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. එ් අනුව හෙට උදෑසන 6.00 සිට අනිද්දා උදෑසන 6.00 දක්වා පැය 24 ක කාලයක් මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මකවනු ඇති අතර අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් නිසා ජල සැපයුම අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත්වීදිය, කොහුණුගමුව, පලල්ල, වැලිගම පරණ පාර, හෙට්ටිවීදිය, පරණ කඩේ, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැල්ලත්ත හා නව ගාලුපාර, පැලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර, වල්ලිවෙල, මිදිගම සහ තුර්කිගම්මානය යන ප‍්‍රදේශය්නට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට