සත්‍යයේ පුවත් අඩහැරය….

පරීක්ෂණ ස්වාධීන විය යුතු බැවින් අමාත්‍ය රවී කරුණානායක ධුරයෙන් ඉවත් කරන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි..

රට තුළ මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට එම කටයුතු ස්වාධීනව සිදුකරගෙන යාම සදහා අවස්ථාව සහ සහයෝගය ලබා දීම සදහා අදාළ චෝදනා එල්ල වී ඇති වත්මන් විදෙස් කටයුතු අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත. හිටපු මුදල් අමාත්‍යවරයා ද වන වත්මන් විදෙස් කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට මේ වන විට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද දැවැන්ත කැළඹිලි ස්වාභාවයක් මතුව ඇති අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරැයි පත යොදා ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතින අක්‍රමිකතාවයක් පිළිබදවද හෙළි වී අැති බැවින් වත්මන් විදෙස් කටයුතු අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිටින බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට