ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් අද..
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ සමස්‌ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද (28) රාත්‍රියේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉදිරි පළාත් පාලන මැතිවරණ, විනය ගැටළු යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී තීන්දු තීරණ රැසකට එළඹීමට නියමිතව ඇති මෙම සාකච්ඡාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සදහා තමන් සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මේ වන විටත් දැනුම් දී ඇති බවද වාර්තා වේ.