මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනයට..
ලබන අගෝස්තු මස 03 වනදා සිට 08 වනදා දක්වා වූ කාලය තුළ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් මෙම විශේෂ දුම්රියන් දාවනය සිදු කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.