සත්‍යයේ පුවත් අඩහැරය….

ඛනිජ තෙල් සේවකයින්ට මැර ප්‍රහාරයක් එල්ල කළ කොළොන්නාවේ යහපාලන දේශපාලන මැරයන්ට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු – “සයිටම් විරෝධී ජනපවුර”

රාජ්‍ය සම්පත් විදේශීකරණය කිරීමේ වත්මන් ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළ කරමින් සාධාරණ වෘත්තීය අරගලයක නිතර වූ ඛනිජ තෙල් සේවකයින් හට මැර ප්‍රහාරයක් එල්ල කළ කොළොන්නාවේ යහපාලන දේශපාලන මැරයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානය ආණ්ඩුවට බලකර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානය මේ බව අවධාරණය කර සිටින අතර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන බවට ලෝකය ඉදිරියේ පුරාජේරු පවසා බලයට පැමිණි වත්මන් රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව මේ වන විට රාජ්‍ය දේපළ විකුණමින් තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උත්සාහයක නිරත වෙමින් ඊට එරෙහිව කටයුතු කරන කම්කරු ජනතාව වෙත සුපුරුදු මැර ප්‍රචණ්ඩත්වය දියත් කරන බව ද අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

රටේ ජනතාවට හිමි සම්පත් විදේශීකරණයට ලක්කරමින්, ඉන්දියාව සහ චීනයේ කොළණියක් බවට ශ්‍රී ලංකාව පත්කරමින් සිටින වත්මන් ආණ්ඩුවට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් විසින් දියත් කරන ලද මෙම වෘත්තීය අරගලයට තම සංවිධානය සහාය පළ කරන බවද මෙම නිවේදනය තුළ සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට