හම්බන්තොට වරාය බදුදීම, අද…
හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත බදුදීමට අදාළ ගිවිසුම අද(29) දින පෙරවරුවේ අත්සන් කිරීමට නියමිතයි.එම ගිවසුම සම්බන්දයෙන් පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.විෂයභාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තුවේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමත් සමඟ හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වුණි.