සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායකවරයා පක්ෂග්‍රාහිව කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා…

කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහීව පමණක් රාජකාරි කරන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.ඊයේ(28) උදෑසන සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අගෝස්තු 04 දක්වා කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කරන ලදී.එමෙන්ම විපක්ෂ නායකවරයාගේ හැසිරීම පිළිබ‍දව මන්ත්‍රිවරයා සදහන් කර ඇත්තේ ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයට අදාළව ඡන්ද විමසීම තුළ මෙවැනි නොසන්සුන්තාවයක් ඇතිව තිබියදීත් විපක්ෂ නායකවරයා නොදැක්කා සේ නිදා සිටි බවත්, ඔහු උතුරට පමණක් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ බවයි.එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සදහන් කර ඇත්තේ මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය කුමක්ද යන්න සොයා ගැනීම පවා අසීරු වී ඇති බවයි.පවතින තත්ත්වය තුළ විපක්ෂයේ යම් කර්තව්‍යයක් ඇත්නම් එය ද ඒකාබද්ධ විපක්ෂය විසින් සිදු කරනු ලබන බවද එහිදි මන්ත්‍රිවරයා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට