සත්‍යයේ පුවත් අඩහැරය….

“තම අාශිර්වාදයෙන් තොරව නව අාණ්ඩුවක් පිහිටුවිය නොහැකියි”, ව්‍යවස්ථාව ගැන නිසි අවබෝධයකින් තොරව ජනපති කළ ප්‍රකාශයක් – මහාචාර්ය ජී.එල් පීරිස්

තම අාශිර්වාදයෙන් තොරව නව අාණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට කළ ප්‍රකාශය, අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව නිසි අවබෝධයකින් තොරව ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (01) බොරැල්ල වජිරාශ්‍රමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ වත්මන් අාණ්ඩුවේ ඉහළටම ව්‍යාප්ත වී අැති, මුළු අාණ්ඩුවම වෙළාගෙන අැති රටතුළ මහත් අාන්දෝලනයකට ලක්ව අැති මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ සත්‍ය තොරතුරු මේ වන විට හෙළිවෙමින් පවතින බවයි.

මෙම දූෂිත ගනුදෙනුවේදී අාණ්ඩුවේ වුවමනාවන් ඉටු කරගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දඩමීමා කරගනිමින් යොදා ගෙන අැති බවත් වත්මන් අාණ්ඩුව හොරුන් අාරක්ෂා කිරීම පමණක් සිදු කරමින් සිටින බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ, හම්බන්තොට වරාය චීනයට පැවරීමට සිදුවූයේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ලබා ගන්නා ලද ණය පියවීම සදහා බවට අාණ්ඩුව විසින් සිදු කරනු ලබන ප්‍රකාශය අසත්‍ය බවයි.

මෙරට පැවති දූෂ්කරම අාර්ථික කාලය ලෙස මහබැංකුව විසින් හදුන්වා දී අැති 200ද – 2004 කාලය තුළ ද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරය දැරූ අතර අදාළ අභියෝග භාර ගත් මහින්ද රාජපක්ෂ මහතාට සුනාමිය, යුද්ධය, ලෝක අාර්ථික සහ අාහාර යන අර්බුද සියල්ලටම මුහුණ දීමට සිදුවූ නමුත් ඒ මහතා නිසි ලෙස එම අභියෝග සියල්ලටම පාහේ මුහුණ දී ඒට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට