සත්‍යයේ පුවත් අඩහැරය….

දැන් අයිතිකාරයෝ කොපමණ සිටියත් බැදුම්කර සිදුවීමේ පළමු පැමිණිලි කරුවා මමයි – අමාත්‍ය මහින්ද අමරවීර.

මේ වන විට අයිතිකරුවන් විශාල ප්‍රමාණයක් බිහි වි ඇතත් මහ බැංකු බැදුම්කර සිදුවීම පිළිබදව පළමු පැමිණිල්ල සිදුකලේ තමන් විසින් බව, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර ඇත.ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ කල්පිටිය – කීරමුන්දල් දූපතේ ඉදිකරන නව නිවාස යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ දි මාධ්‍යවේදින් විසින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමිනි.එිහි දි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා ඇත්තේ බැඳුම්කර සිද්ධියේදී කියවෙන රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට කටයුතු සුදානම් කරමින් සිටිනා බවත් ඇතැමුන් ඒ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සිදුවෙතැයි සදහන් කර ඇතත් විශ්වාස භංගයක් ගෙනඒමට පෙර අවශ්‍ය කටයුතු සිදුවනු ඇතැයි ද පවසා ඇත. කෙසේ වෙතත් 2017 වසර අවසානයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට