සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුණු ආවරණ වලට වැට, උසස් පෙළ විභාගයට නව නීති..

අද (08) අැරඹෙන උසස් පෙළ විභාගය සඳහා සහභාගි වන අපේක්ෂිකාවන් හට සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරමින් වේල් පැළඳීම තහනම් කර ඇත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණය කරගනිමින් විභාග සදහා සහභාගි වී කුඩා මයික්‍රොෆෝන ඇතුළු වෙනත් විද්‍යුත් උපකරණ සඟවා ගනිමින් පිළිතුරු සැපයීමට කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් සැබෑ අපේක්ෂිකාව සහභාගි නොවී වෙනත් අයෙකුට විභාග සඳහා පෙනී සිටීමේ හැකියාවද මෙමගින් උදාවනු ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ඒ අනුව මෙම තීරණයත් සමග මුස්ලිම් විභාග අපේක්‍ෂිකාවන් හට විභාග ශාලාවට ඇතුල් වීමේදී මුහුණු ආවරණ ඉවත් කර අනන්‍යතාවය ඔප්පු කළයුතු වන අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අදාළ මුහුණු ආවරණය ඉවත් කරගෙන සිටිය යුතු වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට