සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා පුහුණුව හෙට සිට..
සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට (11) සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා පංති පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හරහා මෙම භාෂා පුහුණුව ලබාදීමට තීරණය කර ඇත.