සත්‍යයේ පුවත් අඩහැරය….

විසදාගත නොහැකි ආර්බුදකාරී ගැටළු රැසකින් ශ්‍රී ලංකාව පීඩාවට පත්වෙලා – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය

මේ වන විට ශ්‍රී ලංකාව විසදාගත නොහැකි ආර්බුදකාරී තත්ත්වයන් රැසකින් පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (10) බත්තරමුල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා විසිනි. සිය අදහස් දක්වමින් ජගත් කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ගොවි සහන, පාසැල් දරුවන්ගේ නිළ ඇදුම් ඇතුළු රාජ්‍ය සේවක වරප්‍රසාද කප්පාදු කරමින් වත්මන් යහපාලන ආණ්ඩුව, ජනතාව මත දැවැන්ත ජීවන බරක් පටවමින් සිටින බවයි. මහ බැංකු බැදුම්කර වංචාව නිසා රට මේ වනවිට දැඩි අරාජික තත්ත්වයකට පත්ව ඇති අතර මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන්නක් වන බැවින් මෙම ගනුදෙනුවේ වරදකරුවා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පමණක් නොව, අග්‍රාමාත්‍යවරයාද ඊට වරදකරුවෙකු වන බව ද ජගත් කුමාර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. වත්මන් රජය විසිින් සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට කටයුතු කර ඇති අතර අත්තනෝමතික ලෙස සමෘද්ධි දීමනාව කප්පාදු කිරීම ඇතුළු සමෘද්ධි නිලධාරීන් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන්ට එරෙහිව ඉදිරියේදී ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බව ද මෙහිදී ජගත් කුමාර මහතා විසින් තවදුරටත් අවධාරණය කර සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, භාණ්ඩාගාරික එම්.එම් අන්වර් සහ සංවිධාන ලේකම් ශ්‍රියන්ත ක්‍රිස්ටෝපර් යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට