සහල් පාලන මිල ඉවත් කෙරේ..
සහල් සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත් කර අැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි. මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (16) දින නිකුත් කරන ලද බවත් ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් මෙම තීරණය ගත් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.