සත්‍යයේ පුවත් අඩහැරය….

අද වන විට ග්‍රාම නිලධාරී තනතුර ඉතා පහත් තත්ත්වයකට අැද වැටී අවසන් – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය

අද වන විට ග්‍රාම නිලධාරී තනතුර ඉතා පහත් තත්ත්වයකට පත්ව අැති අතර ග්‍රාම නිලධාරීන් මුහුණ දී අැති ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අවධාරණය කර සිටියි. අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

විද්‍යුත් ජාතික හැදුනුම්පත් ලබා දීමේ වැඩසටහන මේ වනතුරු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා රටේ මුදල් විශාල වශයෙන් නාස්ති වීමකට ලක්වෙමින් තිබෙන බැවින් වහාම එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බවත් සුමිත් කොඩිකාර මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසා සිටියේ, පොලිස් නිලධාරීන් සතු බලතල ක්‍රියාත්මක කිරීමේ බලය ග්‍රාම නිලධාරීවයාටද හිමි බැවින් ග්‍රාම නිලධාරීන් හට පොලිස් පුහුණුවක් ලබා දීම සුදුසු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට