සත්‍යයේ පුවත් අඩහැරය….

අධිවේගී මාර්ග ගැන දැනුමක් නොමැති කිසිවෙකුට උත්තර දෙන්නේ නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

 alt=අධිවේගී මාර්ග ගණනය කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති යම් පිරිසක් විසින් ව්‍යාජ චෝදනා එල්ල කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමේ උත්සහයක නිරතව සිටින බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. පිටත වටරවුම් මාර්ගයෙහි කිලෝ මීටරයක දුරක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රුපියල් බිලියන 6.9 ක් වැය කළ ද වත්මන් ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ කිලෝ මීටරයක දුරක් ඉදිකිරීමට ඇස්තමේකන්තු කර ඇත්තේ බිලියන 3.9 ක් පමණක් වන බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් අධිවේගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත ඕනෑම අවස්ථාවකදී කරුණු දැක්වීමට තමන් සූදානම් නමුත් මාර්ග ගණනය කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් හෝ හැකියාවක් නොමැති කිසිවෙකුට ඒ සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට සූදානම් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට