සත්‍යයේ පුවත් අඩහැරය….

පාරිභෝගිකයින් පාවා දී බඩ වියත රැකගත් විදුලිබල සේවක වර්ජනය හෙළා දකිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=විදුලි පාරිභෝගිකයින් පාවා දෙමින් සිය බඩ වියත රැකගැනීම සදහා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් වන අතර, පාරිභෝගික විදුලිබිල 50% කින් ඉහළ යන බවට වෘත්තීය සමිති විසින් කළ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළනොකළ වත්මන් විදුලිබල අමාත්‍යවරයා, විදුලිබල සේවකයින්ගේ අමාත්‍යවරයා මිස මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ අමාත්‍යවරයා නොවන බව පෙනී යන බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය. පාරිභෝගික විදුලිබිල සදහා මණ්ඩලය විසින් 50% ක් වැඩියෙන් එක්කරන බවට විදුලිබල වෘත්තීය සමිති විසින් එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් සහ මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කරන බව ද මෙම නිවේදනයේ තවදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට