“සයිටම්” විරෝධී වෛද්‍ය වර්ජනයෙන් රෝගී ජනතාවට දැඩි පීඩා..
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ. මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් වෛද්‍ය, ගුරු ඇතුළු වෘත්තීය සමිති රැසක් අද (21) සංකේත වැඩවර්ජනයක් දියත් කරන ලදී. සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බව ද එම වෘත්තීය සංගම් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.