සත්‍යයේ පුවත් අඩහැරය….

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් සම්ප්‍රේෂණය කිරීම ගැන විධිමත් විමර්ශනයක් ඕනෑ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විගණකාධිපතිවරයාට ලිපියක්..

 alt=මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ආයතනයක් වශයෙන් මෙතෙක් ගැසට් කර නොමැති තත්ත්වයක් තුළ රජයේ මුදල් අවිධිමත් ආකාරයට මෙම රෝහල වෙනුවෙන් වැය කිරීම පිළිබද විධිමත් විගණන විමර්ශනයක් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස විගණාකාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටියි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පසුගිය අගෝස්තු 01 වනදා සිට රජයට පවරා ගෙන රෝහල වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 3000 ක් වැය කිරීමට නියමිතව ඇති බව සදහන් වන නමුත් අදාළ පවරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නෛතික ගිවිසුමක් කරා එළඹ නොමැති බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

ඒ අනුව පුද්ගලික ආයතනයක් සදහා රජයේ මුදල් මේ ආකාරයට සම්ප්‍රේෂණය කිරීම ඉතා බරපතල මූල්‍ය විෂමාචාරයක් වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට