සත්‍යයේ පුවත් අඩහැරය….

“රොහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල වූ ප්‍රහාරය කුමන්ත්‍රණයක්, වගකිවයුත්තන්ට දඩුවම් ඕනෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 alt=ගල්කිස්ස ප්‍රදේශයේ රැදී සිටි “රොහින්ග්‍යා” මුස්ලිම් සරණාගතයින් පිරිසට එල්ලවූ ප්‍රහාරය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම මුස්ලිම් පිරිස, අන්තවාදීන් බවට මෙරට ජනතාව තුළ යම් සැකයක් මතුව තිබීම සාධාරණ වන අතර අදාළ මුස්ලිම් පිරිස එල්ල වූ විරෝධතාවය හමුවේ ත්‍රස්තවාදී රැදවියන් රදවා තබන බූස්ස කදවුරට ගෙන යාම තුළින් අදාළ සැකය තවත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.

මෙම මුස්ලිම් සරණාගතයින් රැදී සිටි අදාළ ස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටි මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් එම පිරිස අතර සිටි කාන්තාවක් දූෂණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගංගොඩවිල අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවත් තමන්ට එල්ල වී අැති මෙම චෝදනාවෙන් නිදහස් වීම සදහා මෙම මුස්ලිම් පිරිස රටින් පිටුවහල් කර යැවීමේ අරමුණ ඇතිව මෙම පොලිස් නිලධාරියා විසින් එම කලහකාරී තත්ත්වය ඇති කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි ද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කරන ලදී.

මෙවැනි සිද්ධින් හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුව ඇති කළු පැල්ලම් ඉවත් කළහැකි වන්නේ මෙම කලහකාරී සිද්ධියට වගකිවයුතු සියළුදෙනාට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් වන බැවින් එසේ කිරීමට කටයුතු කරන මෙන් වත්මන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ බොදු බල සේනා සංවිධානය, මහ සොහොන් බලකාය වැනි සංවිධාන තහනම් කළයුතු බවට තමන් විසින් පසුගිය ආණ්ඩුවට පවසා සිටි නමුත් එම ආණ්ඩුව එවැන්නක් සිදු නොකළ බවත් චම්පික, මංගල වැනි අමාත්‍යවරුන් මෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර වැනි හිමිවරුන් විසින් රටතුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති කර මීළග රාජ්‍ය නායකයා හට වළ කැපීමේ උත්සහයක නිරතව සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට