හෙට වන විට විසදුම් නැත්තම් රට පුරා වැඩ වරනවා – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය
සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් හෙට (18) දිනය වන විට විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල ඖෂධවේදීන්ගේ රාජකාරී ලයිස්තු අවලංගු කිරීම නිසා ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් කටයුතු අඩාල වී ඇති අතර සුදුසුකම් නොමැති පුද්ගලයින් ඖෂධවේදීන් ලෙස ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල යොදවා ඇති බවත් මෙම තත්ත්වයන් විසදීම සදහා බලධාරීන් මැදිහත් වියයුතු බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.