සත්‍යයේ පුවත් අඩහැරය….

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්…

 alt=අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කර සිටියි.2017 සැප්තැම්බර් 20 දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මෙම මස වැටුපට එක් කර නොතීබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද ඉන්දික මහතා අවධාරණය කර ඇත.මේ පිළිබදව අදහස් දක්වමින් දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සදහන් කර ඇත්තේ ඉහත තීරණය දුම්රිය වෘත්තිය සමිති ඒකමතිකව ගත් තීරණයක් බවයි.මෙම මස වැටුප තිබු ප්‍රමාණයටත් වඩා අඩු වී ඇති බව අවධාරණය කර ඇති ඒ මහතා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය විසදුම් රහිතව අත්හැරීමට කටයුතු නොකරන බව ද වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට