සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි පංකාවක්වත් අලුත්වැඩියා කරගැනීමට නොහැකි තත්ත්වයකට දුම්රිය දෙපාර්තමේන්තුව අද පත්වෙලා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

 alt=මෙරට දුම්රිය සේවාව තුළ දැවැන්ත ගැටළු රැසක් පැනනැග තිබියදී ඒවා විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා වත්මන් ආණ්ඩුව, දුම්රිය සේවාව පවත්වාගෙන යාම සදහා හමුදාව යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටියි. ඊයේ (25) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළකරන ලද්දේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්.ටී විතානගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් එස්.ටී විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට විදුලි පංකාවක් පවා අලුත්වැඩියා කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර වත්මන් ආණ්ඩුව මෙරට බැංකු පමණක් නොව විදෙස් බැංකු පවා කොල්ලකන තත්ත්වයකට පත්ව අැති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු ඩී.එම්.ඩී අබේරත්න, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණගේ, දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු සහ දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.එච්.ජී සමරවීර යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට