දිස්ත්‍රික්ක 14 ක අද සුනාමි පෙරහුරුවක්..
අද (05) දින දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි සුනාමි ආපදා පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ලෝක සුනාමි දිනයට සමගාමීව මෙම වැඩසටහන දියත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.