“සයිටම්” ගැන විසදුම් දෙන්න ජනපතිගෙන් නව කමිටුවක්..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටළු සදහා විසදුම් ලබා ගැනීම සදහා යෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම මෙම නව කමිටුවෙහි වගකීම වනු ඇත.