සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගලික බස් කර්මාන්තය අනතුරේ, විසදුම් නැත්තම් වර්ජනයක් – සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය

 alt=පුද්ගලික බස් හිමියන් මේ වන විට මුහුණ දී ඇති දැඩි ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබා දීමට බලධාරීන් නිසි පියවර නොගතහොත් පසුගිය වසරේ සිදුකළ ආකාරයට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට කිසිසේතම පසුබට නොවන බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

අද (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එම සංගමයේ ලේකම් අන්ජන ප්‍රියන්ත මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අධිවේගී මාර්ගයේ මාර්ග බලපත්‍ර මිලගණන් ඉතා දැවැන්ත ආකාරයට ඉහළ දමමින් බස් හිමියන් දැඩි අපහසුතාවයට පත්කිරීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවයි.

පුද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති මෙම දැවැන්ත අර්බුදකාරී තත්වයන්ට නිසි විසදුම් ලබා දීම සදහා අග්‍රමාත්‍ය හෝ ජනාධිපතිවරයා වහාම මැදිහත්ව කටයුතු කළයුතුව ඇති අතර එසේ නොවන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තී්‍ය ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීම වැළැක්විය නොහැකි බව ද අඅන්ජන ප්‍රියන්ත මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වූ සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සම සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ පුද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙතෙක් කිසිදු බලධාරියෙකු අවස්ථාවක් ලබා දී නොමැති බවයි. එබැවින් මෙම ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා තම සංගමයට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සම සභාපති රූබන් සිල්වා සහ අන්තර් පළාත් පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට