තෙල් හිගයෙන් වාහන ධාවනය අඩුවෙලා, දක්ෂිණ අධිවේගයේ ආදායම පහළට..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව වාර්තා වේ. මේ වන විට රටතුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වල පහළ යාම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බව අධිවේගී මාර්ග නඩත්තු, මෙහෙයුම් සහ කළමණාකරන ඒකකය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.